''ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ගේ ගැටලුව පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේදී කතා කර දැනට දින 54ක් ඉක්ම ගොස් ඇත්ත ආණ්ඩුව පාර්ශවයෙන් තවදුරටත් ඊට පිළිතුරක් නොදීම පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි ප්‍රශ්න කළේය.
මෙම ගැටළුවට පිළිතුරු දීම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අවශ්‍යතාව තිබුණද ඊට බාධාවක්ව සිටින්නේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා බවත් එය පාර්ලිමේන්තුවට සැඟවීමට උත්සහ නොදරන ලෙසත් මෙහිදී ප්‍රේමදාස මහතා කියා සිටියා.
ඒ අනුව මෙම තැන්පතුකරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කවදාද යන්න ඔහු වැඩිදුරටත් ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටින ලදී.
ඊට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ තමන් මෙම කාරණයේදී ඉතා සැලකිල්ලෙන් පසුවන අතර තමන් මහ බැංකු අධිපතිවරයාව සිටි සමයේ වසර 09ක් එකම මූල්‍ය ආයතනයක් හෝ වැටෙන්නට නොදී ආරක්ෂා කරගත් බවයි.
ඒ, ලොව පුරා දැවැන්ත මූල්‍ය අර්බුදයක් ද පැවති සමයක බව කබ්රාල් මහතා කියාසිටියේය.
මෙහිදී ආයතන 17කට යම් ප්‍රශ්න සහගත බවක් තිබුණු අතර ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමර්ග ගත්තත් හරිහැටි ඒවා ක්‍රියාත්මක නොවිම නිසා 2015න් පසු 2018,2019 ඇති වූ මූල්‍ය අර්බුදවලට මුහුණ දීමට නොහැකි වී ඇති බවද මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
යළිත් එම ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර තමන් හා වෙනත් අප්ර්ශවයක් අතර ගැටුමක් හෝ අමනාපයක් නොමැති බවත් කබ්රාල් මහතා කියාසිටියේය.
ASK
2021-03-08 12:02:00
2021-03-08 11:00:00
2021-03-08 10:43:00
2021-03-08 10:29:00