ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි - කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් හැලෙයි !

ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි - කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් හැලෙයි !

20 January 2021 11:00 am

ක්‍රීඩකයන් 22 කින් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 05 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඒ අනුව එංගලන්තය සමග දෙවැනි සෙට් තරගය සඳහා සංචිතයේ ඉතිරිව සිටින්නේ ක්‍රීඩකයන් 17 දෙනෙකු පමණි.

ආබාධ හේතුවෙන් පළමු තරගයට සහභාගි නොවූ නායක දිමුත් කරුණාරත්න සංචි‍තයෙන් ඉවත් කර ඇති අතර දෙවැනි ටෙස්ට් තරගයේදීද දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස කටයුතු කරනු ඇත.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ 11 ට ඇතුළත් වූ කුසල් මෙන්ඩිස් ඉවත් කර තිබීම විශේෂත්වයකි. ඔහු දිගින් දිගටම අසාර්ථක වීම හමුවේ දැඩි පීඩනයක සිටි අතර ඔහුට විවේකයක් ලබාදිය යුතු බව බොහෝ දෙනාගේ මතය විය. අවසානයේදී ඔහු විවේක ගැන්වීමට කණ්ඩායම් බළධාරීන් පියවර ගෙන තිබේ.

දෙවැනි ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය බොහෝදුරට රොෂේන් සිල්වාට හිමිවනු ඇත. ඔහුට නැවත ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය හිමි වන්නේ දිගු කලකට පසුවයි.

මීට අමතරව වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකද සංචිතයෙන් ඉවත් කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගයේදීද එක් වේගපන්දු යවන්නෙකු සමග පිටියට බැසීමට නියමිත අතර බොහෝදුරට එම අවස්ථාව සුරංග ලක්මාල්ට හිමිවනු ඇත. ඊට අමතරව විශ්ව, අසිත, චමීර සිටින බැවින් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

UN