සමාජ මධ්‍යයේ තටු ගසා පැතිර යන HNB ගැන විනෝදිනි විජේකුමාර්ගේ චෝදනාව බොරුවක්

සමාජ මධ්‍යයේ තටු ගසා පැතිර යන HNB ගැන විනෝදිනි විජේකුමාර්ගේ චෝදනාව බොරුවක්

19 January 2021 09:51 pm

හැටන් නැෂනල් බැංකුව සම්බන්ධයෙන් අපකීර්තියක් ඇතිවන පරිදි එම බැංකුවේ ගණුදෙනුකාරියක වූ විනෝදිනි විජේකුමාර් මහත්මිය මාධ්‍යයට ප්‍රකාශයක් දී තිබුණි. 

ඒ, හැටන් නැෂනල් බැංකුව විසින් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීමට යන බවට චෝදනා කරමිනි. ඇය මෙන්ම ඇගේ සැමියාද හැටන් නැෂනල් බැංකුවේ කුණ්ඩසාලේ ශාඛාවේ ගණුදෙනුකරුවන්ය. 

2013 වසරේදී ඔවුන්ට බැංකුව විසින් දේපළ ඇපයට තබාගනිමින් ඔවුන්ට ණය පහසුකමක් ලබා දී ඇති අතර ඔවුන් 2017 වසරේ සිට එම ණය ගෙවීම පැහැර හැර තිබේ. 

මෙම ගැටළුව විසඳීම සඳහා බැංකුව ඇය සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත්  කිසිදු බේරුම්කරණ සැලැස්මකට ඇය එකඟ වී නැත.  කෙසේ වෙතත්, ඇය ණය නිරාකරණය කරන බවට බැංකුවට දැනුම් දී ඒ සඳහා කාලයක් ඉල්ලා ඇත. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව ඇගේ ඉල්ලීම මහ බැංකුවට දැනුම් දීමටද එකඟ වී තිබේ. එහෙත් ණය ගෙවීමට ඇය අපොහොසත් වී ඇති නිසා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ඇය බැංකුව අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කර ඇති බව සඳහන්.  

එහෙත් බැංකුවේ පටිපාටිය අනුව යමින් 2018 වසරේ එම දේපළ වෙන්දේසි කිරීමටයි බැංකුව කටයුතු කර ඇත්තේ. 

කෙසේවෙතත් බැංකුවේ මෙම වෙන්දේසිය වළක්වා ගැනීම සඳහා විනෝදිනි විජේකුමාර් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව ඇය කොළඹ වාණිජ මහාධිකරණයේ (Case No 592/18/MR),තෙල්දෙණිය දිසා අධිකරණයේ (Case No. SPL/65/19) සහ නුවට සිවිල් අභියාචනාධිකරණ (Case No. CP/HCCA/LA/50/2019) හමුවේ නඩු පවරා තිබේ. 

එහෙත්  ඇයට අවශ්‍ය වූ පරිදි බැංකුවට එරෙහිව කිසිදු වාරණ නියෝගයක් ලබා ගැනීමට හැකි වී නැත.  ජනවාරි 12දා  වන විට බැංකුව විසින් දේපල වෙන්දේසි කිරීම වළක්වාලීමට අධිකරණ නියෝග නොමැති බැවින්  හැටන් නැෂනල් බැංකුව විසින්මෙවසර හතරකට ආසන්න කාලයක් ණය පැහැර හැරීම නිසා ජනවාරි 12 වන දින දේපල වෙන්දේසි කිරීමට කටයුතු කරන ලදී. වෙන්දේසියට පෙර, ණය ගෙවීම සඳහා 2019 දෙසැම්බර් 30 දින සිට තවත් වසරක කාලයක් ලබා දී ඇති නමුත්  2021 ජනවාරි 12 දක්වා පොරොන්දු වූ පරිදි ගෙවීම් කර නොමැති හෙයින් ණය ගැතියෙකුගෙන් සිදුවන පාඩු අවදානම කළමනාකරණය කිරීමට මෙහිදී බැංකුව ක්‍රියා කර ඇත.  

හැටන් නැෂනල් බැංකුවෙන් පමණක් නොව ඕනෑම බැංකුවකින් ලබා ගන්නා ණය ගෙවිය යුතු වෙයි. එය කිසිවෙකුත් හෝ නොදන්නා කාරණයක් නොවේ. ණය ගැනීමට පෙර එය නැවත ගෙවිය යුතු බව විනෝදිනි විජේකුමාර් මහත්මියද නොදැනසිටියා විය නොහැකිය. එසේ නොදැන කිසිවෙකු හෝ ණයක් ගන්නේ නැත. බැංකුවකට ක්‍රියාවලියට අනුව පමණක් නොව සාමාන්‍යයෙන් අතමාරුවක් ගත්තද එය ගෙවීමට බැඳී සිටියි. 

එහෙයින් විනෝදිනි විජේකුමාර්  මහත්මිය දැන් මේ ඇත්තට මුහුණ දිය යුතුය.