උත්සව සමයේදී කොරෝනා ව්‍යාප්තිය වැඩි උනා ! දැන්වත් දැඩි පියවර ගත යුතුයි !

උත්සව සමයේදී කොරෝනා ව්‍යාප්තිය වැඩි උනා ! දැන්වත් දැඩි පියවර ගත යුතුයි !

19 January 2021 10:02 pm

උත්සව සමයේදී අවම තරමින් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා හෝ පනවන්නැයි දිගින් දිගටම තම සංගමය ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ වනවිට දෛනිකව ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ එසේ සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

නත්තල් සහ නව අවුරුදු උදාව සමයේදී බොහෝ පුද්ගලයන් වැඩි වශයෙන් ගමන් බිමන්වල නිරත වන බැවින් අවම තරමින් බස්නාහිර පළාතේ පදිංචි පුද්ගලයන් ඉන් පිටතට පැමිණීම හෝ වළක්වන්නැයි ඉල්ලා සිටි නමුත් ඊට අවශ්‍ය පියවර නොගත් බව උපුල් රෝහණ මහතා පවසනවා. මේ නිසා බස්නාහිර පළාත තුළ පමණක් විශාල ලෙස ව්‍යාප්තව පැවති වෛරසය අද වනවිට සමස්ත රට පුරාම ව්‍යාප්ත වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට කොළඹින් බැහැර ත්‍රිකුණාමලය, අනුරාධපුර, ගාල්ල, හම්බන්තොට වැනි ඈත ප්‍රදේශවල පවා රෝගය පාලනය කිරීම අපහසු වී ඇති බවද උපුල් රෝහණ මහතා පවසයි.

UN