අදත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

අදත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

16 January 2021 09:09 pm

අද දිනයේත් කොවිඩ් 19 මරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ 256ක් ලෙස ඉහළ ගොස් ඇත. 

මරණය පත්ව ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති 82හැවිරිදි කාන්තාවකි. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද (16) දින මිය ගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ උග්‍ර හෘදයාබාධයකිනි.