සෞඛ්‍ය නිර්දේශ මත උපකාරක පන්ති ආරම්භයට අවසර

සෞඛ්‍ය නිර්දේශ මත උපකාරක පන්ති ආරම්භයට අවසර

16 January 2021 07:28 pm

 

සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් එළඹෙන 25 වැනිදා සිට පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත. 

ඒ අනුව එළෙඹෙන 25 වැනිදා සිට බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත් වලට එම අවස්ථාව  හිමිවෙයි. බස්නාහිර පළාතේ එම උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ. 

ඊයේ (15) දින ඊට අදාළ චක්‍රලේඛයද නිකුත් කර ඇති අතර එහිදී එක් පන්තියක උපරිම ළමයින් 100ක් හෝ ආසන ගණනින් 50% ක් දරුවන් පන්ති සඳහා කැඳවීමට අවසර දී තිබේ. 

මේ අතර මෙම පන්ති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති සඳහා පමණක් යොදා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත. 

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම පන්ති පවත්වා ගෙන යා යුතු බවත් දන්වා සිටින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ එම පන්තිවලට සහභගී වීම සඳහා දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීමට අවසර දී නැති බවයි. 

 එමෙන්ම හුදෙකලා කර හෝ සංචරණ සීමා පනවා ඇත්නම් එම ප්‍රදේශවල මෙම පන්ති පැවැත්වීමද කළ නොහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ASK