රැඳවියන් විදියට ජම්පර් ඇඳගෙන ඇතුළට ගියේ කවුද ? - සුදේශ් නන්දිමාල් සිල්වා (Video)

රැඳවියන් විදියට ජම්පර් ඇඳගෙන ඇතුළට ගියේ කවුද ? - සුදේශ් නන්දිමාල් සිල්වා (Video)

4 December 2020 09:25 pm

මහර බන්ධනාගාරය තුළ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත්, ඒ හරහා ගැටුමේ වගකීම රැඳවියන් මත පැටවීමට උත්සාහ දරමින් සිටින බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පවසනවා. මහර බන්ධනාගා‍රයට මෙය අලුත් සිදුවීමක් නොවන බවත්, මීට පෙර රැඳවියන්ගේ අතපය කඩා දමන ආකාරය ඇස් දෙකෙන්ම දැක ඇති බවත් පෙන්වා දෙන නන්දිමාල් මහතා පවසන්නේ මෙය බන්ධනාගාරයක් නොව වධකාගාරයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

මෙම ගැටුම රැඳවියන් අතර ඇති වූ ගැටුමක් නොව ඊට එහා ගිය සිදුවීමක් බවත්, මෙම ගැටුමට පෙර බාහිර පුද්ගලයන් පිරිසක් ජම්පර් අන්දවා බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇති බවත් සුදේශ් නන්දිමාල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

UN