දකුණු අප්රිකා - එංගලන්ත පළමු එක්දින තරගය අද කේප්ටවුන්හිදී ආරම්භවීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් කාසියේ වාසිය උරගා බැලීමට පැයක් පමණ තිබියදී තරගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
දකුණු අප්රිකානු කණ්ඩායමේ එක් ක්රීඩකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර මීට අමතව දෙරට අතර පැවති 20-20 තරගමාලාව අතරතුරදී කොවිඩ් වෛසරය මර්දනයට අදාල මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවද තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එංගලන්ත සහ දකුණු අප්රිකානු ක්රිකට් බළධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුව අද තරගය අතහැර දැමීමට තීරණය කර තිබේ. දෙරට අතර පළමු වැනි තරගය ඉරිදා පාර්ල්හිදී පැවැත්වීමට හැකිවනු ඇති බවයි දකුණු අප්රිකානු ක්රිකට් බළධාරීන් පවසන්නේ. ඉතිරි තරග දෙක සඳුදා සහ බදාද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
UN
2021-01-16 21:09:00
2021-01-16 20:06:00
2021-01-16 19:28:00
2021-01-16 18:41:00