LPL ඇරඹෙයි: LED පැනල් අක්‍රියයි

LPL ඇරඹෙයි: LED පැනල් අක්‍රියයි

26 November 2020 06:46 pm

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මංගල පියවර අද (26) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. පළමු තරගය පැවැත්වෙන්නේ කොළඹ කිංග්ස් කණ්ඩායම සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම අතරයි.

LPL බළධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ක්‍රීඩාංගනයේ LED පැනල් අක්‍රිය වී ඇති බවයි. මෙම තත්වය හේතුවෙන් ආරම්භක තරගය බළධාරීන් බලාපොරොත්තු වූ ආකාරයේ විචිත්‍රවත් ස්වභාවයෙන් නොපවතිනු ඇත. කෙසේ වෙතත් විද්‍යුත් ලකුණු පුවරුව ක්‍රියාත්මක වනු ඇති බවයි බළධාරීන් පවසන්නේ.

තරගාවලියේ දෙවැනි දිනයේ සිට මෙම ගැටලු මගහරවා ගැනීමට හැකිවනු ඇති බවද වාර්තා වේ.

UN