කල්මුනේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. හෙට දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර ඉදිරි සතිය තුළ පාසල් යළි විවෘත කරන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුගාර අනුරාධා යහම්පත් මහත්මිය පවසන්නේ.
අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කල්මුනේ පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ.
මීට පෙර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහ මහනුවර නාගරික සීමාවේ සියලු පාසල් වසා දැමීමට සිදු වූ අතර තවත් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක්ද වසා දමා තිබෙනවා.
UN
2021-01-20 23:00:00
2021-01-20 22:09:00
2021-01-20 21:22:00
2021-01-20 20:59:00
2021-01-20 20:02:00