ශානිට ඇප ඉල්ලූ පෙත්සමේ තීන්දුව 07 වැනිදාට කල් යයි

ශානිට ඇප ඉල්ලූ පෙත්සමේ තීන්දුව 07 වැනිදාට කල් යයි

26 November 2020 04:08 pm

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇපමත නිදහස් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනිණි. එම ඇප පෙත්සමේ තීන්දුව ලබාදීම ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.

ශානි අබේසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වූ අතර ඔහු මේ වනවිට හබරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 වෛරසය අසාදානය වීම හේතුවෙන් ඔහුට ජීවිත අවදානමක් පවතින බව පවසමින් මෙම පෙත්සම ගොනුකර තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසටර් ජෙරනාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියේය.

UN