ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය ජීවන කෙළිබිමෙන් සමුගනී !

ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය ජීවන කෙළිබිමෙන් සමුගනී !

25 November 2020 10:21 pm

ආජන්ටිනාවේ පමණක් නොව ලෝක පාපන්දු පිටියේද පුරාවෘත්තයක් ලෙස හැඳින්වෙන ඩියෝගෝ මැරඩෝනා දිවියෙන් සමුගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 60 හැවිරිදි වියේ පසු වූ මැරඩෝනා අවසන් කාලයේදී රෝග කිහිපයකින් පෙළෙමින් සිටියේය. මේ මස මුලදී ඔහු මොළයේ සැත්කමකටද භාජනය කෙරිණි.

1977 වසරේ සිට 1994 වසර දක්වා ආජන්ටිනාව නියෝජනය කරමින් මැ‍රඩෝනා ජාත්‍යන්තර පාපන්දු තරග 91 කට ක්‍රීඩා කළේය. එහිදී ඔහු වාර්තා කළ ගෝල ප්‍රමාණය 34 කි.

ආජන්ටිනාව නියෝජනය කරමින් මැරඩෝනා ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරකට සහභාගි වූ අතර එහිදී 1986 ලෝක කුසලානය සිය රටට හිමිකර දීමට ප්‍රබල දායකත්වයක් දැක්වීය. එම තරගාවලියේ මූලික වටයේදී ප්‍රබල එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිකර දැමීමට මැරඩෝනා පෙරමුණ ගත් අතර එහිදී ඔහු වාර්තා කළ අසිරිමත් ගෝලය හඳුන්වන්නේ 'hand of the god' ලෙසයි.

මැ‍රඩෝනා පාපන්දු පිටිය තුළදී මෙන්ම ඉන් පිටතදීද කලහකාරී ලෙස හැසිරුණු ක්‍රීඩකයෙකු වූ අතර විවිධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට දඬුවම් විඳීමට සිදුවිය. ඒ අතර මත්ද්‍රව්‍ය චෝදනා කිහිපයක්ද වේ.

කෙතරම් චෝදනා පැවතියද මැරඩෝනා සමස්ත ලෝක පාපන්දු ලෝලීන්ගේම ආදරය දිනා ගැනීමට සමත් වූ අතර පාපන්දු පිටියේ තවත් පුරාවෘත්තයකට නැවතීමේ තිත තබා ත‍ිබේ.

UN