මිනුවන්ගොඩ කොරෝනා පොකුර ගැන විමර්ශන කරන්න පත්කළ CCD නිළධාරීන්ටත් කොරෝනා !

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ගැන විමර්ශන කරන්න පත්කළ CCD නිළධාරීන්ටත් කොරෝනා !

29 October 2020 05:18 pm

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය හරහා ව්‍යාප්ත වූ කොවිඩ් 19 පොකුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පිරිසක් ඒ සඳහා පත්කර තිබිණි.

අදාල විමර්ශනය සඳහා පත්කළ CCD නිළධාරී කණ්ඩායමේ කිහිප දෙනෙකුටද මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා අදාල විමර්ශන කටයුතු ඇණහිට තිබෙනවා.

නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ වෙනත් ඒකකය විමර්ශන කණ්ඩායමක් පත්කර අදාල විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙසයි.

UN