කුණු කන්ටේනර් 242 න් 20 ආපසු හරවා යවයි

කුණු කන්ටේනර් 242 න් 20 ආපසු හරවා යවයි

29 October 2020 04:04 pm

පසුගිය ආණ්ඩුව සමයේ  මෙරටට ගෙන්වන ලද කුණු කන්ටේනර් 242න් කන්ටේනර් 20ක් හෙට දින (30) එක්සත් රාජධානිය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මීට සති දෙකකට පමණ පෙර අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි  මෙම කන්ටේනර් එවන ලද රට වෙත ඒවා නැවත යැවීමට කටයුතු යොදා ඇත්තේ. 

එළැඹෙන 04 වනදා තවත් කන්ටේනර් 65ක් යැවීමට නියමිත ඇති බව සඳහන්. 

වසර 2017-2018 කාලය තුළ මෙරටට එවන ලද කන්ටේනර් ප්‍රමාණය 242 ක් වන අතර ඉන් කන්ටේනර් 116ක් මේ වනවිට වරාය අංගනයේ රඳවා තිබේ.
එවන ලද මුළු කන්ටේනර් ප්‍රමාණයෙන් කන්ටේනර් 126ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති අතර ඒවා නිදහස් කරගත් ආයතනයට අයත් ආයෝජන කලාප පරිශ්‍රය තුළ රඳවා ඇති බව වාර්තා වේ.

භාවිතා කළ අබලි වූ මෙට්ට ඇතුළු අබලි භාණ්ඩ රැසක් මෙම කන්ටේනර් තුළ  බහා මෙරටට එවා ඇති අතර මේවා මෙරටට පැමිණීමත් සමග සංවිධාන රැසක් එයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සිදු කරනු ලැබීය.

ASK