පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදියෙකුට කොරෝනා ? පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වැසෙයි

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදියෙකුට කොරෝනා ? පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වැසෙයි

29 October 2020 02:06 pm

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කිරීම සඳහා සහභාගි වන මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා. අදාල මාධ්‍යවේදියා පෞද්ගලික රෝහලකින් සිදුකළ පළමු පීසීආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මෙම මාධ්‍යවේදියාට රජයේ රෝහලක් හරහා නැවතත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර එම පරීක්ෂණයෙන්ද ඔහු ආසාදිතයෙකු බව තහවුර වුවහොත් ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තීරණය කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මතුව ඇති තත්වය හමුවේ ලබන සතියේදී පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

මීට පෙර ස්වාධීන රූපවාහිනී ආයතනයේ මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුවද පසුව තහවුරු කරගෙන තිබුණේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

UN