දුමින්ද නිදහස් කරන්නැයි ඉල්ලූ මනෝ ගනේෂන් එම ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

දුමින්ද නිදහස් කරන්නැයි ඉල්ලූ මනෝ ගනේෂන් එම ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

29 October 2020 01:57 pm

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද අත්සන් තබා තිබිණි. මේ සඳහා අත්සන් තබා තිබූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා, එසේ අත්සන් තැබීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබිණි.

කෙසේ වෙතත් අද (29) නාරාහේන්පිට ජානකී හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ අදාල පෙත්සමට යෙදූ තම අත්සන ඉල්ලා අස්කර ගන්නා බවයි.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටන ජාතික මට්ටම ගෙනයාම සඳහා තමන් මෙම පෙත්සමට අත්සන් තැබූ බවයි. කෙසේ වෙතත් මේ හරහා තමන්ගේ 25 වසරක දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම් කුමන්ත්‍රණයක ඇතැම් පිරිස් නිරතව සිටින බැවින් අදාල අත්සන ඉවත් කර ගැනීමට තීරණය කළ බව ඔහු පවසනවා.

UN