20 ට පක්ෂව ඡන්දය දුන් සජබ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් පනවන්න - කිරිඇල්ලගෙන් කතානායකට ලිපියක්

20 ට පක්ෂව ඡන්දය දුන් සජබ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් පනවන්න - කිරිඇල්ලගෙන් කතානායකට ලිපියක්

29 October 2020 01:46 pm

20 වැනි සංශෝධනයට සහාය පළ කරමින් ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

පක්ෂයෙන් නෙරපා හැර ඇති ඔවුන් 09 දෙනා සඳහා මින්පසු පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂය දෙසින් අසුන් පනවන ලෙසයි කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් 20 වැනි සංශෝධනයට සහාය ලබාදෙමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

UN