දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ස්ථිර වෙයි

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ස්ථිර වෙයි

27 October 2020 05:09 pm

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ලබන දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර පළමු ටෙස්ට් තරගය 26 වැනිදා ආරම්භ වන්නේ බොක්සින් දින ටෙස්ට් තරගය ලෙසයි. මෙම තරගය සෙන්චූරියන් හිදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ වන්නේ 2021 වසරේ ජනවාරි 03 වැනිදායි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකා - බංග්ලා‍දේශ ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට සිදුවිය. ඒ අනුව මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම කොවිඩ් අර්බුදයෙන් පසුව මුහුණ දෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.

දකුණු අප්‍රිකාව මෙම තරගාවලියට පෙර එංගලන්තය සමග එක්දින තරග තුනකින් සහ 20/20 තරග තුනකින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතය.

UN