ඩයනාට එරෙහිව විනය පියවර

ඩයනාට එරෙහිව විනය පියවර

22 October 2020 10:30 pm

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය අද දහවල් ප්‍රකාශ කර තිබිණි. ඒ ඩයනා ගමගේ මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂව ඡන්දය භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙනි.

ඩයනා ගමගේ මහත්මිය මෙවර පළමු වරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරියකි. ඇය සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කරයි.

ඇයට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමටද ආණ්ඩුවේ නායකයන් පොරොන්දු වී ඇති බවයි අද දහවල් වාර්තා වී තිබුණේ.

UN