තවත් කොරෝනා ආසාදිතයින් 259ක්. අද දිනයේ හඳුනාගත් ගණන 309 දක්වා ඉහළට !

තවත් කොරෝනා ආසාදිතයින් 259ක්. අද දිනයේ හඳුනාගත් ගණන 309 දක්වා ඉහළට !

22 October 2020 10:04 pm

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 259 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අතරින් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකයින් වන අතර තවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවූ අයයි. 

සෙසු 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුවූ අය වෙති. 

මීට පෙර අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වූ අතර ඒත් සමඟ අද දිනයේ වාර්තා වුණු සමස්ත ආසාදිතයින් ගණන 309ක් වේ. 

RN