සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබාගැනීම පිළිබඳ අවසන් තීරණය හෙට

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබාගැනීම පිළිබඳ අවසන් තීරණය හෙට

22 October 2020 08:16 pm

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබිණි. කෙසේ වෙතත් ඇයගෙන් සාක්ෂි විමසීම අද සිදු නොවීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන බැවින් ඇයගෙන් කොමිසම හමුවේ සාක්ෂි විමසීම සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා කොමිසම ඉදි‍රියේ දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව ඇයගෙන් සාක්ෂි විමසන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පෙරවරු 10 ට ප්‍රකාශ කරන බවයි කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ සිටින අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, එම දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ ආරක්ෂාව මැද කොමිසම වෙත රැගෙනවිත් තිබිණි.

UN