කථානායක තුමා පුටුවේ ඉඳගෙන ඉන්නෙත් ආණ්ඩු පක්ෂය පැත්තට බරවෙලා - අනුර

කථානායක තුමා පුටුවේ ඉඳගෙන ඉන්නෙත් ආණ්ඩු පක්ෂය පැත්තට බරවෙලා - අනුර

24 September 2020 01:49 pm

පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේදී කථානායකවරයකු අපක්ෂපාතීව සිටිය යුතු නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පුටුවේ වාඩිවී සිටින්නේ පවා ආණ්ඩු පක්ෂය පැත්තට බරවී බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

කථානායකවරයා හිඳගෙන සිටින්නේ මෙන්ම කටයුතු කරන්නේ ද ආණ්ඩු පක්ෂයට බරව බව පැවසූ ඒ මහතා එසේ නොකර මැදහත්ව කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටියේය. 

අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කරන මොහොතේ දකුණු ඇලයට බරවී වාඩි වී සිටි කථානායකවරයා සිනාසෙමින් වහාම කෙළින් වාඩිවන ආකාරය ද දක්නට ලැබුණි. 

කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී. 

RN