ග්ලාස්ගොව් සරසවියත් කොවිඩ් වසංගතයෙන් වෙළී යයි - 124කට රෝගය - 600 ක් නිරෝධායනයට

ග්ලාස්ගොව් සරසවියත් කොවිඩ් වසංගතයෙන් වෙළී යයි - 124කට රෝගය - 600 ක් නිරෝධායනයට

24 September 2020 01:05 pm

 

 

එක්සත් රාජධානියේ ග්ලාස්ගොව් සරසවියේ සිසුන් අවම වශයෙන් 124 දෙනෙකු මේ වන විට කොවිඩ් පොසිටිව් තත්වයට පත් ව තිබේ. 

සරසවි සිසුන් 600 දෙනෙක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

සරසවියට ඇතුළු වූ නවක සිසුන් නිතර ගැවසෙන ස්ථාන දෙකක ‘පොකුරු මට්ටමෙන්‘ රෝගය පැවතී තිබෙන බව ද මේ වන විට සොයාගෙන තිබේ. 

ශිෂ්‍ය නේවාසිකාගාරවල කොරෝනා වෛරසය දැනටමත් පැතිර  ඇති බවට අනුමාන කෙරේ.

මෙයට අමතරව ග්ලාස්ගොව් සරසවිය සාමාන්‍යයෙන් මහජනතාව ද ගැවසෙන ස්ථානයක් වන අතර, ඒ අනුව ඉදිරියේදී දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන්ට සිදුව තිබේ. 

ග්ලාස්ගොව් සරසවිය 

- අමාලි ජයවීර | අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/