පාස්කු කොමිසමේ සාක්ෂි අහගෙන ඉන්න හිටපු ජනාධිපතිත් එයි

පාස්කු කොමිසමේ සාක්ෂි අහගෙන ඉන්න හිටපු ජනාධිපතිත් එයි

22 September 2020 11:05 am

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පාස්කු කොමි‍සම වෙත පැමිණ තිබෙනවා. ඔහු සිය නීතිඥවරයා‍ සමග කොමිසම වෙත පැමිණි බවයි වාර්තා වී තිබෙන්නේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොමිසම වෙත පැමිණ තිබෙන්නේ කොමිසමේ දැනුම් දීමක් මත නොව සෙසු පුද්ගලයන් ලබාදෙන සාක්ෂිවලට සවන් දීම සඳහායි. පසුගිය දිනවලදී සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු බොහෝ පිරිසක් එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම සාක්ෂි ලබා දෙද්දී සඳහන් කළ අතර ඒ අනුව මේ දිනවල හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවලද දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

UN