කෝප් සභාපතිකමට මහින්දානන්ද දාන්න ආණ්ඩුව සූදානම් ලු. මේක නරියාට කුකුළු කොටුව බාරදීමක් - නලින්

කෝප් සභාපතිකමට මහින්දානන්ද දාන්න ආණ්ඩුව සූදානම් ලු. මේක නරියාට කුකුළු කොටුව බාරදීමක් - නලින්

22 September 2020 07:07 am

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින්නේ යැයි තමන්ට ආරංචි වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

"22 වෙනිදා පොදු ව්‍යාපාර කාරක සභාව රැස්වෙනවා. මමත් ඒකෙ සාමාජිකයෙක්. ඒවගේම රාජ්‍ය ගිණුම් කාරක සභාව රැස්වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව, මාධ්‍ය මේ කාරක සභා පත්වීමේදී උදාහරණයක් විදියට පොදු ව්‍යාපාර කාරක සභාවෙ 14ක් ආණ්ඩුවෙන් පත් කරද්දී විපක්ෂයට තියෙන්නෙ 8යි. 

දැන් මේ බහුතරය අපට තිබුණා 2015දී. හැබැයි ආණ්ඩු පක්ෂය විදියට අපි සභාපති තනතුරට කිසිම නමක් යෝජනා කළේ නෑ. දැන් නරින්ට කුකුළු කොටුව බාරදෙන්නයි හදන්නේ මේ. අපට ආරංචියි මහින්දානන්ද අලුත්ගමගේ හරි මහින්ද අමරවීර හරි තමයිලු පොදු ව්‍යාපාර කාරක සභාවෙ සභාපති ධුරයට පත් කරන්නේ. හොඳට යයි වැඩේ ! 

ඒ නිසා අපි පැහැදිලිවම විපක්ෂය විදියට නම් යෝජනා කරනවා. අපි රටේ ජනතාවට පෙන්නනවා මේ ආණ්ඩුව මොනවටද මේ සැරසෙන්නෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන්  කළේ. 

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ජනතාවාදී විපක්ෂය විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN