හැංගිමුත්තන් කළ වේදිනිගම විමලතිස්ස හිමිට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

හැංගිමුත්තන් කළ වේදිනිගම විමලතිස්ස හිමිට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

21 September 2020 10:02 am

අපේ ජනබල පක්ෂයේ හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අපේ ජනබල පක්ෂයේ මහා සම්මේලනය ඊයේ (20) රාජගිරියේදී පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා වංචනිකව ඒ හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතුකොටගෙන ඒ හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත්කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

අපේ ජන බල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි විය යුතු බවත් ඒ සඳහා පක්ෂ සභාපති සමන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස් වී පුරප්පාඩුව සඳහා ඥානසාර හිමියන්ව නම් කිරීම කළයුතු බවටත් වන යෝජනාවක්ද මෙම සම්මේලනයේදී සම්මත වී තිබෙනවා.

UN