වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි බණ්ඩාරනායක සිනමා‍වලෝකනය පාඨකයා අතට

වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි බණ්ඩාරනායක සිනමා‍වලෝකනය පාඨකයා අතට

17 September 2020 11:46 am

ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ සිනමාර රූපණය, සිනමා අධ්‍යක්ෂණ, වාතර් චිත්‍රපටකරණය අලළා රචිත 'වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය' ජනගත කිරීම පසුගිය 15 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නබෝ ප්‍රකාශන ආයතනයේ කුළුඳුල් සාහිත්‍ය ප්‍රකාශනය ලෙස පාඨකයා අතට පත්වන මෙම කෘතිය රචනා කරන්නේ ජීවන්ත දයානන්ද මහතා විසිනි.

වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස හැඳින්වූ කලාකරුවන් අතරින් දැනට ජීවතුන් අතර සිටින එකම සිනමා අධ්‍යක්ෂකවරයා වන ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියාගේ සියලු චිත්‍රපට, වාර්තා චිත්‍රපට පිළිබඳව මෙම කෘතියේ තොරතුරු ඇතුළත් වේ.

UN

ඡායාරූප - විශ්වනාථ තේනුවර

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.