දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රාජ්‍ය ඇමති කබ්රාල්ගෙන් අලුත් වැඩක්

දේශීය ව්‍යාපාරිකයන් රැකගැනීමට රාජ්‍ය ඇමති කබ්රාල්ගෙන් අලුත් වැඩක්

13 September 2020 01:53 pm

දේශීය ව්‍යාපාරිකයන් සුරක්ෂිත කරමින් අන්තර්ජාතික වෙළෙඳපොළ සමග සම්බන්ධ කරවීමේ අරමුණෙන් ඔවුන් සවිබල ගැන්වීමට අදාළ උපදෙස් ලබා දීම ස ඳහා ‘ව්‍යාවසාය සංවර්ධන උපදේශක සභාවක්‘ ස්ථාපිත කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

විසි දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන සභාව සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති පාර්ශව වෙත ඒ සඳහා ඇරයුම් කර තිබෙන අතර ඔවුන් මේ වෙනුවෙන් ස්වෙච්ච්ජාවෙන් සිය සේවය ලබා දෙයි. 

ජානාධිපතිවරයාගේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්ම යටතේ බිම් මට්ටමේ සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ව්‍යාපාරිකයින් සම්බන්ධ කරගෙන ඔවුන් සුරක්ෂිත කරවීම සඳහා ප්‍රයෝගිකව දායකත්වය සැපයීම මෙම උපදේශක සභාවේ අරමුණ වෙයි. 

ඊයේ (12) මුදල් අමාත්‍යාංශයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවතී අතර එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ මොහොතේ සිතුවිලිවල වෙනස් වීමක් අවශ්‍ය බවයි. 

රට තුළ සාර්ව ආර්ථික සාධක නිවැරදි කිරීමට අවශ්‍ය අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම අතිශය වැදගත්  බවයි කබ්රාල් මහතා එහිදී පැවසුවේ. 

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ආනයන ආදේශක වෙත යොමුව තිබෙන අතර එය සාධනීය කරුණක් බවයි ඔහු පෙන්වාදුන්නේ. 

ව්‍යාපාර කරගෙන යාමේ පහසුතාව ආරක්ෂා කළ යුතු බවත් නව රැකියා අවස්ථා වැඩිකරන ව්‍යාපාර අවස්ථා පිළිබඳ අවධානය යොමුවිය යුතු බව කියා සිටියේය. 

අලුතින් මුදල් ගලා ඒමට අවශ්‍ය කටයුතු කළ යුතු අතර සෑම අවස්ථාවකම එය විදේශයන්ගේ පැත්තට බර තැබිය නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

රට තුළ ට්‍රිලියන 10ක මුදල් තැන්පතු තිබෙන අතර එය කොටස් වෙළෙඳපොළට යොමුකළ හැකි නම් ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණිය හැකි බවයි කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසුවේ. 

CRIB (ක්‍රිබ්) ප්‍රශ්නය ගැනත් අවධානය 

රජය මේ වන විට ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)හි යම් අයෙකු අසාධු ලේඛන ගත ව සිටීම නිසාම ණය දීම ප්‍රතික්ෂේප නොකරන ලෙසට රාජ්‍ය බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ. ක්‍රිබ් ප්‍රශ්නය මෑත කාලයේ විශාල ලෙස සාකච්ඡාවට බඳුන් වූ කාරණයක් බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මෙහිදී ව්‍යාපාර කරගෙන යාමේ පහසුතාවය, නව රැකියා අවස්ථා සහ ව්‍යාපාර අවස්ථා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ක්‍රිබ් ප්‍රශ්නය විසඳීමට සාධනීය මාර්ගයක් බව ද අවධාරණය කළේය.

විදේශිකයන්ට එන්න කියන්න කලින් රටේ තැන්පතු මුදල් කොටස් වෙළඳපොළට යොමු කරන්න !

ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පිටරටින් මුදල් ගලා ඒම පිළිබඳ විශාල බලාපොරොත්තු තැබිය නොහැකි බව පෙන්වා දුන් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.  

‘‘හැමතිස්සෙම අලුතින් මුදල් ගලාගෙන ඒමට ඕන පිටරටින් විතරක් නොවේ . මම ගිය සතියේ අපේ රටේ ඉන්න තැරැව්කරුවන් සමග කතා කරා.ඒ අය වැටිලා හිටියේ. බොහොම දුක් මුසුව ආවේ, මං කිව්වා පිටරටින් දැන්ම කවුරුවත් එන්නේ නෑ, ඒ වුණාට මේ රටේ තැන්පත් තියනවා ට්‍රිලියන 10 මුදල් .ඒ කියන්නේ බිලියන 10,000 ක්...

‘‘බිලියන 10,000න් 1% කියන්නේ බිලියන 100 ක්. ඒ  බිලියන 100 මේ රටේ කොටස් වෙළඳපොළට යොමු කරන්න පුළුවන්නම් ස්ථාවර මට්ටමට එනවා.ඊට පස්සෙ අපි එන්න කියමු,  විදේශිකයන්ට... 

‘‘2014 අග වන විට ASPI එක (සියලු කොටස් මිල දර්ශකය) තිබුණෙ 7300 ට. ඒක වැටිලා තියනවා 5300 ට. ඒක ලොකු පාඩුවක්.පසුගිය සතිය තුළදී 2.4 % කින් කොටස් වෙළඳපළ වැඩි  වුණා. බිලියන 1 ½ කට පිරිවැටුමක් තිබ්බා. ඒ නිසා සිතුවිලි වෙනස් කිරීමයි වැදගත්..‘‘

ASK