සජබ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවයි !

සජබ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවයි !

13 August 2020 10:09 pm

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබෙනවා. මේ වනවිට අදාල ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ක් හිමි විය.

ඒ අනුව එම මන්ත්‍රී ධුර 07 සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, හරීන් ප්‍රනාන්දු මහතා, තිස්ස අත්තනායක මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා, ඉමිතියාස් බාකිර් මාකාර් මහතා, මයන්ත දිසානායක මහතා සහ ඩයනා ගමගේ මහත්මිය තෝරාගෙන තිබෙනවා.

1989 වසරේ සිට 2004 වසර දක්වා එජාපයෙන් මැතිසබය නියෝජනය කළ ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කලකට පසුව නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි. මීට අමතරව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද 2015 වසරෙන් පසු නැවත පාර්ලිමේන්තුව සඳහා පත් වී තිබේ.

මෙම ලැයිස්තුවේ සිටින, මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය නොකළ එකම පුද්ගලයා ඩයනා ගමගේ මහත්මියයි.

UN