නිශ්පාදන බලවේග සහ පීඩිතයාගේ විමුක්තිය.

නිශ්පාදන බලවේග සහ පීඩිතයාගේ විමුක්තිය.

13 August 2020 08:38 am

මාක්ස් කියනව වාෂ්ප ඇංජිම සොයාගැනීමකින් තොරව වහල් සමාජ රටාවෙන් මිදිය නොහැක කියල සහ කෘෂිකර්මය කාර්මීකරණය වීමකින් තොරව වැඩවසම් ක්‍රමයෙන් මිදිය නොහැක කියල.

අපි දැන් මේ ප්‍රකාශ උදාහරණ සහිතව විශ්ලේෂණය කරල බලමු.
අපි යුරෝපීය චිත්‍ර පටි වලින් දැකල තියෙනව යුරෝපයේ වැඩවසම් යුගයෙ දැවැන්ත නැව් වලට මුහුදේ යාත්‍රා කිරීම සඳහා වහල්ලු බලය සපයපු හැටි. ඒ වහල්ලු විශාල ප්‍රමානයක් නැවේ දෙපැත්තේ ඉඳගෙන එකවර හබල් ගාලා.
නැවේ ඉන්න වහලගේ කාර්‍ය් මුලු ජීවිත කාලයම කස පාරවල් කමින් හබල් ගෑම.

නැවේ ධාවන බලයේ කාර්යට නවීන වාෂ්ප ඇංජිම ආදේශ වීමත් සමග ක්‍රමයෙන් වහලා එතනින් මිදෙනව.

ඊලඟට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍ර සූත්‍ර සොයාගන්නව.
ඊට පස්සෙ වහල් බැම්මෙන් ඉඩමට ගැටගැහිල හිටපු පරාදීන ගොවි දාසයා වහල් බැම්මෙන් මිදිල නැවත නවීන යන්ත්‍ර සූත්‍ර මෙහෙයවන දියුණු කම්කරුවෙක් විදියට නවීන කෘෂිකර්මාන්තයට එනව.

අපි ටිකක් වර්තමානයට ඇවිත් බැලුවොත් ලාංකීය කාන්තා පරපුර ජීවිතේ වැඩිකාලයක් කුස්සියේ දුම කාගෙන ලිපට පිඹ පිඹ උයපු පරන ඉතිහාසයෙන් ඇයව ගලවගත්තෙ රයිස් කුකර් එක, ගෑස් ලිප.

ඉස්සර අපි දැකල තියෙනව අපෙ අම්මල මිරිස් ගල ගාව, කුරහන් ගලගාව, වංගෙඩිය ගාව විශාල කාලයක් ශ්‍රමයක් වැගිරෙව්වා.
එකේන් ඇය ගලවා ගත්තෙ ඇඹරුම් යන්ත්‍රය.
(තවදුරටත් රයිස් කුකරය,ගෑස් ලිප වැනිදෑ ධනපති පන්තියට විශේෂිත උපකරණනොවේ)

ඊලඟට ඇය රෙදි වෙල්ලාවෙන් ගලවාගත්තේ වොෂින් මැෂින් එක.

මම මේක ලිව්වෙ ලංකාවෙ ගොඩක් අයගෙ මතය තියෙන්නෙ ධනවාදය හා එහි නවීන කෘතිම දේවල් ලංකාවට ඇවිත් අපේ අතීතයේ සොබාවික සියල්ල උදුරාගත්තා කියන අතීතකාමී මිත්‍යා පැටලිල්ලක.

ඇත්තටම ධනවාදය මෙහෙට ඇවිත් අපෙන් උදුරගත්තෙ පාලකයො ඉස්සරහ පස්වාන් දහසකට බුදුවෙන්ට කියල දෙපාමුල වැඳවැටිච්ච ඉතිහාසය සහ ප්‍රභූවරුන්ගෙ දෝලාවල් උන්ගෙ සයනවල් එක්කම හැතැප්ම ගනන් පාවහනුත් නැතිව දාසයො කරගහගෙන ගිය වහල් ඉතිහාසය හැර වෙන මොන මගුලක්ද..

ඇත්තටම ධනවාදය හොඳ නෑ. ආයෙ ඒකෙ තර්කයක් නෑ. හැබැයි ඒ අනාගත දියුණු සමාජ ක්‍රමයකට සාපේක්ෂව මිස ඉතිහාස වැඩවසම් පරාදීනත්වයට සාපේක්ෂව නොවේ...

- ප්‍රියශාන්ත රාජපක්ෂ