නීතිවිරෝධී ලෙස රැගෙන එමින් තිබූ කහ කිලෝ 6000 ක් අත්අඩංගුවට ගනී

නීතිවිරෝධී ලෙස රැගෙන එමින් තිබූ කහ කිලෝ 6000 ක් අත්අඩංගුවට ගනී

12 August 2020 08:00 pm

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝ ග්‍රෑම් 6000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. හලාවත සිට නාවික සැතපුම් 10 ක් පමණ දුරින් මුහුදේ ගමන් කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම කහ තොගය හමු වී තිබෙනවා.

නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව සහ කහ තොගය සිය භාරයට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත භාර දී තිබෙනවා.

යාත්‍රාවේ සිටි පුද්ගලයන්ගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් 09 දෙනෙකු හලාවත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් මිලියන 2.2 කට අධික මුදල් ප්‍රමාණයක්ද සමගිනි.

කොවිඩ් වෛරසයේ අවදානම පැතිර යාමෙන් පසු රටපුරා දැඩි කහකුඩු හිගයක් ඇති වූ අතර එම තත්වය ප්‍රයෝජනයට ගනිමින් සංවිධානාත්මක පිරිස් විසින් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් කහ මෙරටට රැගෙන එන බවයි පොලීසිය පවසන්නේ. පසුගිය කාලයේදී එසේ රැගෙන ආ තොග විශාල ප්‍රමාණයක් නාවික හමුදාවේ මැදිහත්වීම මත අත්අඩංගුවට ගැනිණි.

UN