ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට නැවතත් බාලගිරි දෝෂය

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට නැවතත් බාලගිරි දෝෂය

11 August 2020 09:50 pm

අගෝස්තු අගභාගයේදී ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ලබන නොැවම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. සෞඛ්‍ය බළධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව තරගාවලිය කල්දැමීමට තීරණය කළ බවයි ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසන්නේ.

තරගාවලිය කල්දැමීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්, නිළධාරීන් සහ විකාශන කටයුතු ඇතුළු තරගාවලියට අදාල වෙනත් කටයුතුවල නිරත වන සේවකයන් දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කිරීමයි.

අගෝස්තු 28 වැනිදා තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබූ බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැත. ඒ සම්බන්ධයෙන් නම්‍යශීලි තීරණයකට පැමිණෙන්නැයි ක්‍රිකට් ආයතනයේ බළධාරීන් ඉල්ලා ඇතත් සෞඛ්‍ය බළධාරීන් ඒ සඳහා එකඟ නොවූ බවයි රවීන් වික්‍රමරත්න මහතා පවසන්නේ.

ඒ අනුව තරගාවලිය නොවැම්බර් 20 වැනිදා දක්වා කල්දමා තිබෙන අතර දෙසැම්බර් 12 දක්වා තරගාවලිය පැවැත්වේ.

පසුගිය වසර 04 ක කාලයක් තිස්සේ ලංකා ප්‍රීමියර් ලීග් ආරම්භ කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් විවිධ හේතු නිසා එය පැවැත්වීමට නොහැකි විය.

UN