පොලීසියට සොයා ගැනීමට නොහැකිව සිටින කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

පොලීසියට සොයා ගැනීමට නොහැකිව සිටින කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

11 August 2020 05:42 pm

                                                                    

කුරුණෑගල නගරයේ පිහිටා තිබූ බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීමේ  සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම ඉදිරිපත්කරමින් නගරාධිපතිවරයා පවසන්නේ උක්ත ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කිරීමට කටයුතු කර ඇති බවයි. 

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර ඇත.

උක්ත සිධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණු අතර එම නියෝගය එළඹෙන 13 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 

මේ අතර සැකකරුවන් විදෙස් ගතවීම වළක්වමින් තහනම් නියෝගයක්ද මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබේ. 

ASK