කහ ගන්න ගිහින් වැඩ වරදී : යුධ හමුදා බුද්ධි මෙහෙයුමකින් කහ තොගයක් අත්අඩංගුවට !

කහ ගන්න ගිහින් වැඩ වරදී : යුධ හමුදා බුද්ධි මෙහෙයුමකින් කහ තොගයක් අත්අඩංගුවට !

9 August 2020 01:45 pm

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ කහ සහ එනසාල් තොගයක් අත් අඩංගුවට ගැනීමට යුධ හමුදා බුද්ධි අංශය ඊයේ (08) සමත්ව තිබේ. 

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු ඔත්තුවක් මත කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ කළ වැටලීමකින් කිලෝග්‍රෑම් 500කට ආසන්න මෙම කහ සහ එනසාල් තොගය අත් අඩංගුවට ගෙන ඇති අතර මෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්. 

මෙම කහ සහ එනසාල් තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ ධීවර යාත්‍රාවේ හිමිකරු ද අත් අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රාවේ ගමන් කළ සෙසු ධීවර කාර්මිකයින් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. 

නව රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කහ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා කහ වලට අධික මිලක් නියම වී ඇති හෙයින් කහ ජාවාරම් ද බිහිවී තිබේ.