මෛත්‍රී ශ්‍රීලනිප ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවයි

මෛත්‍රී ශ්‍රීලනිප ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවයි

9 August 2020 12:23 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) එම පක්ෂයෙහි විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ. 

මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලුම ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙම රැස්වීමට කැඳවා ඇති බව සඳහන්. 

ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.