ඉන්දීය ගුවන් අනතුරෙන් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 18 ක් මිය ගිහින්

ඉන්දීය ගුවන් අනතුරෙන් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 18 ක් මිය ගිහින්

8 August 2020 10:21 am

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී සිදු වූ හදිසි අනතුරකින් ගුවන් යානයේ සිටි මගීන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. මීට අමතරව ගුවන් යානය පැදවූ නියමුවන් දෙදෙනාද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් 46 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය බළධාරීන් පවසන්නේ.

ඊයේ රාත්‍රී කැලිකට් ජාත්‍යන්තර ගුවන් තොටපුලේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඩුබායි නගරයේ සිට පැමිණි එයාර් ඉන්දියා සමගාමට අයත් මගී ගුවන් යානයකි.

අධික වර්ෂාව මධ්‍යයේ ගුවන් යාන ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී ලිස්සා ගොස් ධාවන පථයෙන් ඉවතට ගමන් කර ඇති අතර ගුවන් යානය දෙකට වෙන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දරුවන් දස දෙනෙකු ඇතුලු මගීන් 184 ක් සහ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු ගුවන් යානය තුළ සිටි බව වාර්තා වේ.

UN