රිෂාඩ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

රිෂාඩ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

7 August 2020 05:18 pm

පාස්කු ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප විය.

මෙම පෙත්සම අද සලකා බැලුනේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙනිය, එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

මෙම පෙත්සම පසුගිය 27 වැනිදා සලකා බැලීමට තීරණය කර තිබූ නමුත් විනිසුරු මඩුල්ල නියෝජනය කළ ප්‍රියන්ත ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම අද දිනයට කල් දැමිණි. ඒ අනුව අද පෙත්සම සලකා බැලුණු අතර විනිසුරු මඩුල්ල තීරණය කළේ පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමටයි.

UN