ශානි 20 දක්වා නැවත රිමාන්ඩ් - නීතිපති අධිකරණය මගහරී

ශානි 20 දක්වා නැවත රිමාන්ඩ් - නීතිපති අධිකරණය මගහරී

7 August 2020 12:54 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

බොරු සාක්ෂි නිර්මාණය කිරීම, අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.

අද දිනයේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් නොවූ බවයි වාර්තා වන්නේ.

UN