වොට්සිලා ආයතනය වෙනස් වූ ආකාරය

වොට්සිලා ආයතනය වෙනස් වූ ආකාරය

4 August 2020 11:21 am

වොට්සිලා ආයතනය ලෝකයේ ලොකුම එන්ජින් තනා ඇත. එසේ තනන ලද විශාලතම එන්ජිමේ බර ටොන් 2300 කි. එහි අශ්ව බල ප්‍රමාණය ලක්ෂයකට වැඩි වේ. වොට්සිලා මගින් නිර්මාණය කල ඒ එන්ජිම මගින් ලෝකයේ ඇති විශාලතම නැව වන ‘Harmony of the Seas’ යන නැව බල ගැන්වේ. පින්තුරයේ ඇත්තේ ඒ එන්ජිම ප්‍රවාහනය කරන ආකාරයයි. සිලින්ඩර 12 ක් ඇති එහි ‘ක්‍රෑන්ක් එක’ හෙවත් ‘දඟර කඳේ’ ප්‍රමාණය බලමු. එය සහ සාමාන්‍යයෙන් කෙනෙක්ට එසවිය හැකි මෝටර් වාහනයක දඟර කඳ සමඟ සංසන්දනය කිරීම වටී. 

‘වොට්සිලා’ යනු සමුද්‍රීය හා බලශක්ති වෙළඳපල සඳහා උසස් තාක්‍ෂණයන් පදනම්ව සම්පූර්ණ චක්‍රීය විසඳුම් ලබාදෙන, පළමු පෙලේ අන්තර්ජාතික නිෂ්පාදන ආයතනයකි. තිරසාර නවෝත්පාදනයන් සහ සම්පූර්ණ කාර්යක්ෂමතාව අවධාරණය කිරීමෙන් වර්ට්සිලේ සිය ගනුදෙනුකරුවන්ගේ බල ශක්ති අවශ්‍යතාවය ඉටු කළේය. එහෙත් ඊට තවත් වදනක් ඔවුන් අලුතෙන් එකතු කර ඇත. එනම් ඒ අවශ්‍යතාවයන් අතරේ, “පාරිසරික හා ආර්ථික ක්‍රියාකාරිත්වය උපරිම කිරීම” ය.
 
2015 වසරේ දී වොට්සිලා හී ශුද්ධ විකුණුම් මිළ, [Net sales] යුරෝ බිලියන 5 ක් වූ අතර දළ වශයෙන් එහි සේවකයින් ප්‍රමාණය 18,800 ක් විය. ලොව පුරා රටවල් 70 කට වැඩි ගණනක ස්ථාන 200 කට අධික සංඛ්‍යාවක සමාගම ක්‍රියාත්මක වේ. මේ ආකාරයේ රටක් මෙන් බලවත් දැවැන්ත කොම්පැනියක් සහ, ෆොසිල ඉන්ධන එන්ජින් නිර්මාණයේ පතාක යෝධයෙක් ගේ වෙනස් වීම පුදුම සහගතය. අද ඔවුන් කියන්නේ මොනවාදැයි බලමු.
 
සත්‍ය වශයෙන්ම එය ලංකාව වැනි රටක දේශපාලනඥයන් ගේ සහ බල ශක්ති විශේෂඥයන්ගේ ඇස් හරවන්නක් වී, අපගේ ‘බල ශක්ති ප්‍රකාශණය’ පහත සේ වෙනස් විය යුතුය.
 
…“Covid-19 වසංගතයෙන් පසු බලශක්ති වෙළඳපොලේ ඇති ප්‍රවණතා පෙන්නුම් කරන්නේ පුනර්ජනනීය බලශක්තිය මත එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බවයි. වසංගතය පහව ගිය පසු හරිත වර්ධනය සඳහා යථාර්ථවාදීව එය කලහැක්කේ කෙසේද යන්න ගැන අද සිටම සිතිය යුතුය. ගෝලීය ආර්ථිකයේ කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් නොවූ කිසිදු රටක් හෝ අංශයක් නොමැත”….
 
…“ලොව පුරා රාජ්‍ය නායකයන් මෙම පෙර නොවූ විරූ සිදුවීමත් සමඟ පොරබදමින් සිටින විට, අප මෙහි රිදී රේඛාවක් දකින්නෙමු“…“වසංගතයෙන් පෙන්වූ ආර්ථික විචලනය හමුවේ හරිත විදුළිය වෙත මාරුවීම වේගවත් කළ හැකිය”… “ගෝලීය පුනර්ජනනීය ඉදිරි දැක්ම 2020 වාර්තාවට අනුව, මේ වන විට සහ 2050 අතර කාලය තුළ ගෝලීය දළ පුනර්ජනනීය බලශක්තිය මගින් නිෂ්පාදිතය, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් වේ”… “යුරෝපයේ විදුළි ඉල්ලුම පහත වැටීම නොසලකා සූර්යයා බබළයි”… “වෛරසය නොසලකා සුළඟ හමයි”…
 
වොට්සිලා බලශක්ති ව්‍යාපාරය නියෝජනය කරමින් එහි උපාය මාර්ග හා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ, ‘මැටි රවුට්කිවි’ මහතා එසේ පැවසුවේය. ඔහු තවදුරටත් මෙසේ කියයි.
 
…“වෙන කවරදාකටත් වඩා අපගේ බලශක්ති පද්ධතිවල පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි කොටසක් අප දකින අතර, එමගින් විදුළි බල පද්ධති තවමත් ක්‍රියාත්මක වන බව දැකීම ප්‍රබෝධජනක යැයි මම සිතමි”… “අද දින අපේ බලශක්ති පද්ධතිවල ගල් අඟුරු අඩුයි”… “විමෝචනය අඩුයි”… “මිළ අඩුයි”… “අප්‍රියෙල් 20 වන දින සිට ජර්මනිය පුනර්ජනනීය බලශක්තිය මගින් රටේ බල ශක්තිය 75-80% ක් ඉටු කරගෙන ඇත්තේය”… “එක්සත් රාජධානිය ගල් අඟුරු කිසිත් නොමැතිව අප්‍රියෙල් මස අග සිට රටේ බල ශක්තිය ජනනය කළේය”… “එය 1888 වසරෙන් පසු ප්‍රථම වතාවට එක්සත් රාජධානියේ සිදු වූ දෙයකි”…
 
…“අප්‍රියෙල් මස අග දී කාලගුණ අනාවැකි හිරු හා සුළඟ ඇති තරම් පෙන්වූ බැවින්, සති අන්තයේ දී එක්සත් රාජධානියේ න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතිදානය පහත හෙළනු ලැබුවේය”… “ පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණවත්ද නැද්ද යන්න අප තවදුරටත් අනුමාන කළ යුතු නැති අතර රට ස්ථාවරය”… රවුට්කිවි මහතා පැහැදිළි කළේය.
 
වසංගතය හේතුවෙන් ගල් අඟුරු, ගෑස් සහ න්‍යෂ්ටික බේස්ලෝර්ඩ් බලාගාර නවතා දැමීම හෝ අඩු මුදල් උපයති. ඒ අතරම, පෙර වසරවලට සාපේක්ෂව බලශක්ති ගබඩා කිරීම 20% කින් පමණ වැඩි වී ඇත. බලශක්ති වෙළඳපොලට වැඩි වැඩියෙන් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට පැමිණීමට පටන් ගත් විට උපාය වෙනස් කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිළි ඇඟවීමක් එමඟින් ලබා දෙයි.
 
මෙය සිදු කිරීම සඳහා, අර්බුදයකදී සිදුවන අවස්ථාවන් සඳහා අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගත යුතුය. වොට්සිලා බලශක්ති සංක්‍රාන්තිය, බලශක්ති උත්පාදනය සහ වර්තමාන තත්වය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. මෙම වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති වෙළඳපොලේ සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට හැකි විය. එය, “සෑම කෙනෙකුටම අදාළ වන… මිනිසුන්ට හොඳ තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා වන පොදු තොරතුරු ද්වාරයක් බවට පත්විය” යනුවෙන් වොට්සිලා ආයතනය මගින් හඳුනා ගෙන ඇත.
 
කෝවිඩ් -19 අර්බුදය වඩාත් චක්‍රීය ආර්ථිකයකට මාරුවීමේ අරමුණින් පෙළගැස්වීම කල හැක. වෙන වෙනම එකතු කරන ලද ජෛව අපද්‍රව්‍ය වලින් ජීව වායුව හා ජෛව මීතේන් වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට සහාය වීමෙන්, බලශක්ති ක්ෂේත්‍රය හරිත කිරීමට අවස්ථාවක් ලබාගත හැක. ශුන්‍ය අපද්‍රව්‍ය තත්වයක් ඇති කර ගනිමින්, යුරෝපයේ බලශක්ති හා වායු දූෂණ සම්බන්ධීකාරක. ජීව වායුව සම්පූර්ණයෙන්ම හා සැබවින්ම පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ද කල හැක.
 
එය විදුළිය හා තාප නිෂ්පාදනය සඳහා, ජෛව ඉන්ධන සේ ප්‍රවාහනය කිරීමට හෝ, අඩු සුළං හා සූර්ය තීව්‍රතාව ඇති දිනවල නම්‍යශීලී බලශක්ති නිෂ්පාදනයක් සේ භාවිතා කළ හැකිය.
 
යුරෝපා සංගමය පුරා, වාර්ෂිකව නාගරික අපද්‍රව්‍ය වලින් ජෛව අපද්‍රව්‍ය ටොන් මිලියන 96 ක් පමණ ඇති වන බවට ගණන් බලා තිබේ. යුරෝපීය කොම්පෝස්ට් ජාලයේ දත්ත වලට අනුව, මෙයින් තුනෙන් එකක් පමණ වෙන වෙනම එකතු කර කොම්පෝස්ට් කර / හෝ ජීර්ණය කල් හැක. බලශක්ති ක්ෂේත්‍රයේ පශ්චාත්-කොවිඩ් -19 ප්‍රතිපත්තියට අනුව කුමක් කළ යුතු දැයි තේරුම් ගැනීමට යුරෝපා සංගමයට වසංගතය ද අවස්ථාවක් සපයයි.
 
නව තාක්‍ෂණය ඇති මොහොතක පැරණි කර්මාන්ත ඉදිරියට ගෙනයාම රජයන්ට ප්‍රතිරෝධයක් වනු ඇත. ගල් අඟුරු බලාගාරයකට හෝ ස්වාභාවික ගෑස් පහසුකමකට අවසර දෙන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ රජයන් හොඳින් දන්නා නමුත්, වහල සූර්ය බලශක්තිය කරන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් පැහැදිළි නැති විය හැක. නව තාක්‍ෂණයන් සමඟ එම හුරුපුරුදු බව ගොඩනඟා ගැනීමට අප ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද?
 
දේශගුණික විපර්යාස පිළිබඳ දැවෙන ගැටලුව විසඳීමට මෙය අවස්ථාවක් කර ගැනීම සඳහා කොවිඩ් -19 අවස්ථාව ශක්තිමත් ජාත්‍යන්තර ආයතන මගින් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.
 
ව්‍යාපාර සුරැකීම සඳහා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ඩොලර් බිලියන සිය දහස් ගණනක් තිබේ නම් සහ දේශගුණික විපර්යාස නැවැත්වීමට මුදල් නොමැති බව යමෙක් කියා සිටී නම් – එය බොරුවක් වන අතර එය දැන් සියල්ලන් දනී. කෝවිඩ් අර්බුදය බල ශක්ති මායාව කඩාකප්පල් වීමට හේතු වී ඇති අතර පුනර්ජනනීය බලශක්තිය බේස්ලොර්ඩ් බල ශක්තිය ලෙස පෙන්වයි.
 
…“100% පුනර්ජනනීය අනාගතයක් සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දැන් කාලය පැමිණ තිබේ”….
 
ඒ ඉහත වදන ඉතාම වැදගත් වේ. මක්නිසාදයත්, එය කියා සිටින්නේ එසේ මෙසේ ආයතනයක් නොව, ලෝකයේ ලොකුම එන්ජිම තැනූ, දැවැන්ත ෆොසිල ඉන්ධන ප්‍රමාණයක් භාවිතා වන බල ශක්ති ආයතන තැනූ ‘වොට්සිලා’ ආයතනය මගින් වීම හේතුවෙනි.
 
ඔවුන්ට අභියෝග කළ හැකි බලශක්ති විශේෂඥයන් ලංකාවේ නම් නැත.

ලලිත් කරුණාරත්න