කොරෝනා අවදානම නිසා මොබිටෙල් කාර්යාල දෙකක් වසා දමයි

කොරෝනා අවදානම නිසා මොබිටෙල් කාර්යාල දෙකක් වසා දමයි

14 July 2020 04:40 pm

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ මොබිටෙල් කාර්යාල දෙකක් වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ. 

ඒ අනුව කොළඹ ඩුබ්ලිකේෂන් මාවතේ සහ රාමනායක මාවතේ පිහිටි මොබිටෙල් කාර්යාල තාවකාලිකව වසා දමා හුදෙකලා ස්ථාන බවට පත්කර තිබෙන අතර සේවකයන් නිරෝධායනයට යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ සිය කාර්ය මණ්ඩලයේ මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය වෙනුවෙන් එම තීරණය ගත්  බවයි. 

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන මීගමුව ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන්  ඩුබ්ලිකේෂන් මාවතේ පිහිටි කාර්යාලයේ සේවකයෙකු ප්‍රතිකාර ගෙන තිබේ.  

අනතුරුව ඔහු රාජකාරීයටද වාර්තා කර ඇති නිසා සියලු දෙනාගේ ආරක්ෂාවට මෙම තීරණය ගෙන තිබේ. ඔහු සමඟ සේවය කළ තවත් 10 දෙනෙකු ද PCR පරීක්ෂණ සඳහාද  යොමු කර  ඇත.

මේ අතර රාමනායක මාවතේ පිහිටි කාර්යාලයටද කොරෝනා අවදානම ඇතැයි යන සැකය මත පෙර සූදානම හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම වෙනුවෙන් එම කාර්යාලයද වසා දැමීමට කටයුතු කර තිබෙන බව රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

එම ස්ථාන දෙකටම සෞඛ්‍ය බලධාරීන් පැමිණ පරික්ෂා කර විෂ බීජ  හරණය ද සිදුකර ඇත. 

ASK