සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්නැතුව මීටරෙන් ඉන්න කියලා කොච්චර කිව්වත් වැඩක් නෑ - මහින්ද දේශප්‍රිය

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්නැතුව මීටරෙන් ඉන්න කියලා කොච්චර කිව්වත් වැඩක් නෑ - මහින්ද දේශප්‍රිය

14 July 2020 04:09 pm

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රැසක් හමු වී ඇතත් වෛරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වේ යැයි විශ්වාස නොකරන බවත් ඒ නිසා මහ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් දැනට මතුව නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කෙසේ වෙතත් මැතිවරණයට අදාල කටයුතුවලදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ හැකි සෑම ආකාරයෙන්ම පරෙස්සම් සහගතව කටයුතු කිරීම වැදගත් වන බව ද සභාපතිවරයා අවධාරණය කරනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අවදානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන්ද ඉල්ලා සිටින බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ මගින් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් ගැසට් මගින් රෙගුලාසි ලෙස ප්‍රකාශයකට පත්කර නොමැති බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ නෛතික බලයක් නොමැතිව මුව ආවරණ පළඳින්නැයි, මීටරයෙන් ඉන්නැයි කෙතරම් ප්‍රකාශ කළද ඵලක් නොවන බවයි. ඒ අනුව අදාල මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් බවත් ප්‍රමාද වී හෝ එය සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

UN