කොරෝනා ඉන්දියාවට විවේකයක් නොදෙන හැඩ!

කොරෝනා ඉන්දියාවට විවේකයක් නොදෙන හැඩ!

13 July 2020 06:57 pm

කොරෝනා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන රටක් ලෙස ඉන්දියාව මේ වන විට කොරෝනා සිතියමේ ඉදිරියට පැමිණෙමින් තිබේ. පාලනයකින් තොරව රට පුරා වෛරසය ව්‍යාප්ත වී තිබෙන අතර ගෙවුණු පැය 24 තුළ  ආසාදිතයින් 28,701 වාර්තා වී තිබේ. එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙසද දැක්වෙයි.

ලොව තුන් වෙනියට කොරෝනා ආසාදිතයින් වැඩියෙන් වාර්තා වන්නේ දැන් ඉන්දියාව තුළය. දැනට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින් 878,254 ක් පමණ වන අතර මරණ 23174ක් ලෙස දැක්වෙයි. 

තවද 550,000 වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද ඉන්දීය වාර්තා පෙන්වාදෙයි. 

එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සඳහන් කරන පරිදි මිලියන 11.8 පරීක්ෂණ රට පුරා සිදුකර තිබේ. 

ASK