මේ පාර කොරෝනා දුර දිග වැඩියි තමයි ඒත් කටකතාවලට රැවටෙන්න එපා - අගමැති

මේ පාර කොරෝනා දුර දිග වැඩියි තමයි ඒත් කටකතාවලට රැවටෙන්න එපා - අගමැති

12 July 2020 10:15 pm

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (12) පිළියන්දල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගාමිණි ලොකුගේ මහතා විසින් සංවිධානය කර තිබූ ජනහමුවේදීය. මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. 

තත්ත්වය දැනට පාලනය කරගෙන පැවතියද තමන් මෙන්ම සමාජය පරිස්සම් කිරීම වගකීමක් මෙන්ම යුතුකමක්ද වන බවයි රාජපක්ෂ පහතා පෙන්වාදෙන්නේ. 

හෙට දින සිට දින කිහිපයකට රැස්වීම් නතර කිරීමටද තීරණය කර තිබෙන අතර මෙවර තත්ත්වය දුර දිග ගියා වැඩි බවද ඔහු කියා සිටියා. 

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මුඛ ආවරණ පළදමින් පැමිණ සිටීම ගැන අගමැතිවරයා සිය පාක්ෂිකයන්ට එහිදී ස්තූතියද පළකළා.