අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 101ක් හමුවෙයි - සමස්ත ආසාදිතයින් 2612 ලෙස ඉහළට

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 101ක් හමුවෙයි - සමස්ත ආසාදිතයින් 2612 ලෙස ඉහළට

12 July 2020 08:22 pm

අද (12) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 101කු හඳුනා ගෙනතිබේ. එම පිරිස අතර ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු සහ බෙලරූස් හි සිට පැමිණි පස්දෙනෙකු සිටින බවයි පස්වරුව වන විට සෞඛ්‍ය අමත්‍යාංශය වාර්තා කර තිබුණේ.

අද දිනයේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරු කර යවා සිටි 76 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව හඳුනාගත් අතර ඒ අතරට ඔවුන්ගේ ආශ්‍රිතයන් 14ක් ද වෛරසය ආසාදනය වුවන් ලෙස හඳුනා ගෙන තිබුණි. 

මේ අතර රාජාංගනය ප්‍රදේශයේ 4 දෙනෙකුටද මෙම වෛරසය ආසාදනය වී තිබුණි.