උමතු ජනපතියෙක්ට විරුද්ධව තරග කරන පරිසරවේදියා

උමතු ජනපතියෙක්ට විරුද්ධව තරග කරන පරිසරවේදියා

11 July 2020 12:19 pm

2020 වසරේ නොවැම්බර් 3 වනදා නව ඇමරිකානු ජනාධිපති තෝරනු ලබයි. බොහෝ සාමාන්‍ය මිනිසුන් දැනට ඉන්නා ජනාධිපති ගැන මෙසේ කියයි. 'අපට උමතු ජනාධිපති කෙනෙක් සිටී. ඔහු රජෙක් වන්නට ආසන්න අතර, එය ස්ථිර කිරීමට එවන්ම වූ දූෂිතයන් පිරිසක් උත්සාහ දරති. එහෙත් අවබෝධයෙන් යුතු හොඳ විනිසුරුවන්ට සහ රජයේ සේවකයන්ට ඒ ප්‍රයත්නය මන්දගාමී කළ හැකිය.'

ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයෙකු වන ජෝ බිඩෙන්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග වදින 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අනුමාන ඩිමොක්‍රටික් අපේක්ෂකයා වේ. ඔහු 1972 දී 'ඩෙලවෙයාර්' ප්‍රාන්තයේ සිට එක්සත් ජනපද සෙනෙට් සභාවට තේරී පත් වූ ඇමරිකානු ඉතිහාසයේ හයවන ලාබාලතම සෙනෙට් සභිකයා බවට පත්විය.

කොරෝනා වසංගතයේ අනියම් බලපෑම සහ පාරිසරික වෙනස් වීම හේතුවෙන් ඇමරිකානුවන් දැන් දැන් වැඩි වැඩියෙන් පුනර්ජනනීය බල ශක්තිය වෙති. මෙයට වසරකට පෙර ‘පුනර්ජනනීය ශක්තිය’ යනු කුමක්දැයි නොදත් සමාජයක ඇති වී තිබෙන වෙනස විශ්මය දනවන සුළු වේ. එවැනි ජන මනසක් ආකර්ෂණය කර ගැනීමට ජෝ බිඩෙන්ට අවශ්‍ය වන බවක් පෙනී යයි. එනිසා පරිසරය සම්බන්ධ ගැටළු විසඳීමේ තීරණ ගැනීම ඔහුගේ ප්‍රතිපත්ති මාලාවේ කොටසක් වී ඇත.  

හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්ට, ඔහුගේ ආධාරකරුවන් සහ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඇතුළු ආධාරකරුවන්ගෙන් සැදුම්ලත් දේශගුණික එක්සත් කාර්ය සාධක බලකායක් ඇත. මේ කාර්ය සාධක බලකාය පුළුල් පාරිසරික නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ. 2035 වනවිට විදුළි බලාගාරවලින් කාබන් දූෂණය තුරන් කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වේ.

2030 වනවිට සියලු නව ගොඩනැගිලි සඳහා ශුද්ධ ශුන්‍ය විමෝචන ළඟා කර ගැනීම සහ වසර පහක් තුළ ගොඩනැගිලි මිලියන 4 ක් සහ නිවාස මිලියන 2 ක් දක්වා බලශක්ති ඉතිරි කිරීම් වැඩිදියුණු කිරීම මෙම කාර්ය සාධක බලකායේ පුළුල් සැලැස්මට ඇතුළත් වේ. සූර්ය පැනල මිලියන 500 ක් ස්ථාපනය කිරීම සහ සුළං ටර්බයින 60,000 ක් නිෂ්පාදනය කිරීම ඇතුළුව පුනර්ජනනීය බලශක්තිය සඳහා සැලකිය යුතු ආයෝජනයක්ද මෙම සැලැස්මෙන් ඉල්ලා සිටී.

පිරිසිදු ශක්තිය හෙවත් පුනර්ජනනීය බල ශක්තිය භාවිතා කෙරෙන කාර් සහ ට්‍රක් රථ සඳහා ‘ශක්තිමත් ප්‍රමිතීන්’ අනුගමනය කිරීම සහ වසර පහක් ඇතුළත සියලුම පාසල් බස් රථ ඇමරිකානු නිෂ්පාදිත, ශුන්‍ය විමෝචන විකල්ප වෙත මාරු කිරීම මෙම කණ්ඩායම නිර්දේශ කරයි. එහෙත් වර්තමානයේ නොනවතින එක රැල්ලක් වන්නේ ස්වභාවික වායුව වේ. ගල් අඟුරු වහාම විස්ථාපනය කිරීමට ප්‍රමාණවත් තරම් භාවිතයට නොගත් ස්වභාවික වායු ප්‍රමාණයක් ඇමරිකාවට ඇත. ගල් අඟුරු භාවිතය පහත වැටීම ස්වභාවික වායු භාවිතය ඉහළ නැංවීමට හේතුවකි.

එසේ හෙයින් ස්වභාවික වායුවද පුනර්ජනනීය බල ශක්තියෙන් විස්ථාපනය කිරීම බිඩෙන්ගේ කාර්ය සාධක බළකායේ දෙවන අරමුණ වේ. 

එහෙත් බල ශක්තිය පිළිබඳ විශේෂඥයන් සහ ආර්ථික මහ ඇදුරන් කියන්නේ නම් වෙනත් දෙයකි. ඉහත තීරණ ආර්ථික හේතුන් උදඩ දෝලනය වීම නිසා තත්වය බිඩෙන්ගේ සැලසුමට වඩා ඉක්මනින් වන බවය. 2035 ට පෙර විදුලිබල පද්ධතිය විමෝචන රහිත වනු ඇත. ආර්ථික විද්‍යාවේ පරාමිතික එම කාර්යය කරනු ඇත. මේ වසරේ මේ දක්වා විදුලි බල පද්ධතියේ ගල් අඟුරු භාවිතය 33% කින් පහත වැටී ඇත්තේ ස්වභාවික වායුව වඩා ලාභදායී බැවිනි. 

එහෙත් සුළං සහ සූර්ය බලශක්තිය එක්සත් ජනපද ජාලක ධාරිතාවෙන් 12.5% ​​ක් පමණ වේ. තවද වසරකට 20% ක වර්ධන වේගයක් පුනර්ජනන බල ශක්තියට ඇති හෙයින් මෙම දශකය අවසන් වනවිට පුනර්ජනනීය බලශක්තියට පූර්ණ ආධිපත්‍යයක් ලබා දීම වන්නේය යයි මේ ආර්ථික විද්‍යා මතය වී තිබේ.

ඇමරිකාවේ මිනිසුන් මෝටර් රථ භාවිතා කිරීම අන් බොහෝ රටවලට වඩා වැඩි වේ. එසේ හෙයින් මේ පුනර්ජනන ප්‍රවණතාවය සඳහා අවශ්‍ය ආරෝපිත ස්ථාන ජාතික බල සැපයුමෙන් ඉවත්ව ස්ථාපිත කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතී. මේ එක පින්තුරයක ඇත්තේ එසේ වාහන ආරෝපණය සඳහා වූ [Off grid] ආරෝපිත ස්ථානයකි. 

ලෝකය වේගයෙන් ලෝක ගම්මානයක් වන මේ කාලයේ, ඇමරිකාවේ සිදුවන දේ හා සමගාමී සිදු වීම් අන් රටවලද සිදුවන බවක් පෙනී යයි. ඒ ප්‍රවණතාවය අනුගමනය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම වටී.

ජ්‍යෝෆ්‍රී බේකන්