කුරුණෑගල පොහොට්ටු මනාප පොරය ඇවිලෙයි - මහින්දගේ ආධාරකරුවන්ටත් පහර දීලා !

කුරුණෑගල පොහොට්ටු මනාප පොරය ඇවිලෙයි - මහින්දගේ ආධාරකරුවන්ටත් පහර දීලා !

8 July 2020 08:57 am

කුරුණෑගල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොල්පිතිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක ආධාර පත්‍ර බෙදීම සඳහා යොදවා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබේ. මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව මාර්ග බාධකයකදී පැහැරගෙන යමින් සිටි වාහනය නවතා අදාල පුද්ගලයන් දෙදෙනා මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ගිය කණ්ඩායම, ටී.බී. ඒකනායක මහතාගේ ආසනය තුළ වෙනත් කිසිවෙකුට ඡන්ද ව්‍යාපාරය සිදුකළ නොහැකි යැයි පවසමින් තමාට පහර දුන් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව මෙම පහරදීම ටී.බී. ඒකනායක මහතාට සම්බන්ධ පිරිසක් විසින් සිදුකළ බවට සැක කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

UN