පොලිස් භාරයේ තිබූ නීතිවිරෝධී මත්කුඩු ජාවාරම්කරුවන්ට විකිණූ නාකොටික් නිළධාරීන් 18 ක් අත්අඩංගුවට අරන් !

පොලිස් භාරයේ තිබූ නීතිවිරෝධී මත්කුඩු ජාවාරම්කරුවන්ට විකිණූ නාකොටික් නිළධාරීන් 18 ක් අත්අඩංගුවට අරන් !

8 July 2020 08:06 am

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු හොර රහසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම යන චෝදනා යටතේ මේ වනවිට, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් නිළධාරීන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ ඊයේ රාත්‍රියේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇති බවයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ද ඊයේ දහවල කඩවත පොලීසිය වෙත භාර වී තිබිණි.

මීට පෙර මෙම ජාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සමත් වී තිබිණි.

UN