බැඳුම්කරේ ගැන ප්‍රකාශයක් ගන්න CID නිළධාරීන් රනිල්ගේ නිවසටම යයි

බැඳුම්කරේ ගැන ප්‍රකාශයක් ගන්න CID නිළධාරීන් රනිල්ගේ නිවසටම යයි

3 July 2020 06:06 pm

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්, හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය 18 වැනිදා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේ, යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි. ඒ අනුව වික්‍රමසිංහ මහතා ඒ සඳහා අද දිනය ලබා දී තිබිණි.

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ එස්. පාස්කරලිංගම් මහතාගෙන් සහ හිටපු බැංකු ප්‍රධානියෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

UN