දැන් අහන්න වෙලා තියෙන්නේ කොරෝනා ගැන නෙවෙයි සල්ලිවලට මොකද කළේ කියලා - රනිල් (VIDEO)

දැන් අහන්න වෙලා තියෙන්නේ කොරෝනා ගැන නෙවෙයි සල්ලිවලට මොකද කළේ කියලා - රනිල් (VIDEO)

2 July 2020 08:32 am

දැන් ආණ්ඩුවේ ඇසීමට සිදුව ඇත්තේ කොරෝනා ගැන නොව ලැබුණු ආධාර මුදල්වලට කුමක් වුයේද යන්න බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති සන්නිවේදනය බලකායේ හමුවේදීය. 

තමන් දන්නා පරිදි මේ වන විට කොරෝනා ආධාර ලෙස ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බව ඔහු කියා සිටියේය.

තමන්ගේ ගණන වැරදි නම් එය නිවැරදි කරන ලෙසත් එම මුදල්වලට සිදුකළ දේවල් සම්බන්ධයෙන්ද පැහැදිලි කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 

මේ වන විට ලොව පුර කොරෝනා දෙවන රැල්ල ඇතිව තිබෙන අතර ශ්‍රී ලංකාව තුළද දෙවන රැල්ල වළක්වා ගැනීම සඳහා අවධානය ලබා දිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ. 

'' මේ අවධානම නිසා පරීක්ෂණ තවත් වැඩි කළ යුතුයි. ඒ අනුව Testing and Treasing සිදු කළ යුතුයි. මේ සඳහා මුදල් නැහැ කියමින් කල් මරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පසු මා එදා මෙරටට ඩොලර් මිලියන 230ක් ලැබුණු බව ප්‍රකාශ කළා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ලැබුණු බවයි."

සැබවින්ම මුදල් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොවන අතර ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුදල් කපා හැරීමෙන් පසු ඒ මුදල් ලෝක බැංකුවෙන් හා යුරෝපා සංගමයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් ලැබුණු බව කිව යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය. 

ASK