2011 ක්‍රිකට් පාවාදීම් ගැන ප්‍රශ්න කරන්න සංගක්කාරත් කැඳවයි

2011 ක්‍රිකට් පාවාදීම් ගැන ප්‍රශ්න කරන්න සංගක්කාරත් කැඳවයි

1 July 2020 03:15 pm

ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත, හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර කැඳවා තිබෙනවා. ඔහුට දන්වා තිබෙන්නේ හෙට (02) පෙරවරු 09 ට එම ඒකකය ඉදිරියේ පෙනී සිටින ලෙසයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සිදුව ඇතැයි කියන මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාලව සංගක්කාරගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

එම තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කුමාර සංගක්කාරයි.

මෙම සිදුවීමට අදාලව අද දිනයේදී ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර ඊට පෙර එවක ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අළුත්ගම‍ගේ මහතාගෙන් සහ එවක තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා මහතාගෙන් ද ප්‍රශ්න කෙරිණි.

UN